Posts

Showing posts with the label කාලය සහ අවකාශය

ප්‍රතිගුරුත්වය

Image
ඔන්න ඉතින් කාලෙකට පස්සේ වෙලාවක් හම්බුනා තව ලිපියක් ලියන්න..😊😊 ඔයගොල්ලන්ට මතකද මම ගීසාහී අභිරහස් පිරමීඩ කියලා ලිපියක් දැම්මා. කියවපු නැති කට්ටිය  මෙතනින්  ගිහින් කියවල ඒන්නකො. ඒකේ මම කියල තියනව මේ පිරමීඩ හදන්න ප්‍රතිගුරුත්වය යොදාගෙන තියනවා කියලා. එහෙම කිව්වට මොකක්ද මේ ප්‍රතිගුරුත්වය කියන්නෙ කියල මන් විස්තර කලේ නැහැනෙ. ගොඩදෙනෙක් නම් දන්වා ඇති මේ ප්‍රතිගුරුත්වය කියන්නේ මොකක්ද කියලා. නොදන්න අයට දැන ගන්නත්, දන්න අයට ඒ ගැන තව අලුත් කරුණු ඉගෙන ගන්නත් ඒක්ක තමයි මේ ලිපිය ලියන්නෙ. ගුරුත්වය සහ කාල අවකාශ වක්‍රතාවය කියන ලිපිය කියවපු නැති ඈයො ඉන්නවනම්  මෙතැනින්  ගිහින් අනිවාරෙන් කියවලම එන්න. එහෙම නොකර මේක කයවලා තේරුනේ නෑ කියලනම් මට පස්සේ දොස් කියන්න එහෙම එපා. හා ද?😊    නිව්ටන්ගෙ තුන්වන නියමයට අනුව සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් තියනවා.  ඉතින් ඔය නියමය නිව්ටන් හොයා ගත්ත ගුරුත්වාකර්ෂණයටත් වලංගු විය යතුයිනෙ. ඒ විදිහට බැලුවම වස්තුවක් ඉහල සිට අතහැරිය විට වස්තුව ගුරුත්ව බලයකට ලක් වෙලා පහලට වැටෙන්න...

ගුරුත්වය සහ කාල අවකාශ වක්‍රතාවය

Image
මේ විශ්වයේ පවතින ඕනෑම ස්කන්ධ දෙකක් අතර ආකර්ෂණ බල හට ගනී. එනම් සුර්‍රයා සහ පෘතුවිය අතර මෙන්ම ආලෝක වර්ෂ සිය දහස් ගනන් දුරින් පවතින ඕනැම ස්කන්ධ දෙකක් අතර වුවද ආකර්ෂණ බල හට ගනී. එම ආකර්ෂණ බල ගරුත්ව බල හෙවත් ගුරුත්වය ලෙස හැදින්වේ. මෙම රූපයේ දැක්වෙන පරිදි වඩදිය ඇති වනුයේ  චන්ද්‍රයා දෙසට සයුරේ ජල අණු ආකර්ෂණය විම නිසාය. එනම් චන්ද්‍රයා සහ ජල අණු අතර ආකර්ෂණ බලයක් හටගෙන චන්ද්‍රයා සිටින දිශාවට ලම්භක දිශාවල ඇති සයුරේ ජල අණු ද චන්ද්‍රයා සිටින දිශාවේ සයුරට පැමිණේ. එවිට සයුරේ ජල මට්ටම ඉහල යයි. එලෙසම පෘතුවියේ සමතුලිතතාවය රැක ගැනීම උදෙසා චන්ද්‍රයා සිටින දිශාවට  ප්‍රතිවිරුද්ධ දිශාවේ ද ජල මට්ටම ඉහළ යයි. එසේ නම් කුඩාම අංශුව වන ඉලෙක්ට්‍රොනයේ සිට අති විශාල මන්දාකිණි අතර පවා ගුරුත්වාකර්ෂණ බල හට ගන්නා බව දැන් ඔබට පැහැදිලි විය යුතුය.  නිව්ටන් පවසන පරිදි ගුරුත්වාකර්ෂණ බලය එම වස්තුවල ස්කන්ධයන්ගේ ගුණිතයට අනුලෝමවත් ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. ඒ අනුව වස්තූන් දෙකක් අතර ඇතිවන ගරුත්ව බලය පහත සමිකරණයෙන් ගනනය කල හැකිය. F= ස්කන්ධ දෙක අතර ග...

ගීසා හි අභිරහස් පිරමීඩ

Image
ඊජිප්තුව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ එහි පිරමීඩ නම් වූ දැවැන්ත සොහොන් කොත් නිසා බව රහසක් නොවේ. පිරමීඩ යනු පෙර කල සිටි ෆේරෝ(පාරාවො) රජවරුන්ගේ සොහොන් කොත් යැයි කීවොත් එහි වරදක් නැත. ෆේරෝ රජවරු තම මතු ආත්මයෙහි ජීවිතයට අවශ්ය සියලු දෙයම පිරමීඩ තුළ රැස් කළහ. එලෙස ෆේරෝ රජවරුන්ගේ මරණයෙන් පසු, රජුගේ දේහය අවුරුදු දහස් ගනණක් ගත වුවත් නොදිරණ සේ බෙහෙත් ගල්වා මමිකරණයට ලක් කර රජුගේ වස්තු සම්භාරයද, මමිකරණයට ලක් කළ රජුගේ දේහය ද සමඟ පිරමීඩ තුල තැම්පත් කරණ ලදි. ඔවුන් එසේ මෘත සිරුරු නොදිරණ සේ පවත්වා ගත්තේ කෙසේද යන්න තවමත් ලොවට අභිරහසක් ව පවතී. ඔවුන් ඒ සඳහා කිසයම් රහස් වට්ටෝරුවක් භාවිත කර ඇති බවට බොහෝ දෙනා සිතුවත් එය නිර්මාණය කිරීමට නවීන විද්යාව තවමත් අපොහොසත් වී ඇත. ඊජිප්තුවේ දැනට පිරමීඩ 10 ක් පමණ ශේෂ වී ඇත. අනෙක්වා නිදන් වස්තු කොල්ලකරුවන් විනාශ කරනු ලැබ එහි ඇති ගල් බැමි, ගෙවල් තැනීමට ගෙන ගොස් ඇත. දැනට ඉතිරිව ඇති පැරණිම පිරමීඩය ජෝසර් රජුට අයත්ය. එය අවුරුදු 4600ක් පමණ පැරණි පඩි ආකාර අවලස්සන පිරමීඩයකි. ජෝසර්ගේ පිරමීඩයට අඩි 28 ක් යටින් ඔහුගේ සොහොන් ගැබ පිහිටා ඇත. නෙෆෙරුගේ පිරමීඩය ඊට වඩ...