Posts

Showing posts with the label විස්මිත සොයාගැනීම්

අතීතයෙන් ආ සීලකාන්ත්

Image
ඩයිනෝසර් නම් අරුම පුදුම සත්වයන් මිහිමත සැරිසරන ලද්දේ දැනට වසර මිලියන ගණනකට පෙර දීය. ඩයිනෝසර් සතුන්ගේ සිරුරු අප දකින සතුන්ගේ ශරීරවලට වඩා අරුම පුදුම ලෙස වෙනස් විය. දැනට වසර මිලියන ගණනකට පෙර වඳ වී ගිය මේ සත්වයන් ගැන විද්‍යාඥයන් දැනගනුයේ උන්ගේ පාෂාණිභූත ඇටසැකිලි ඇරෙනි.                    ඩයිනෝසර් සතුන් වාසය කළ කාලයේ සිටි සමුද්‍ර ජීවීන් ද ආදි කාලයේ මත්ස්‍යයන්ගෙන් පුදුමාකාර ලෙස වෙනස් විය. සමහර මත්ස්‍යයන්ට ගාත්‍රා බඳු වරල් විය. උන්ගේ සිරුරු බොහෝ විට කැබැල්ලෑවකුගේ මෙන් ඝන කොරපතු සහිත විය. සීලකාන්ත් මත්ස්‍යයා ඒ යුගයේ සිටි අපූරු සත්වයෙකි. සත්ව විද්‍යාඥයෝ ඔවුන්ට ලැබුණු පොසිලමය සාක්ෂි අනුව සීලකාන්ත් මත්ස්‍යයන්ගේ  ප්‍රමාණය සහ හැඩහුරුකම ගැන නිවැරදි චිත්‍රයක් මවා ගත්හ.         සීලකාන්ත් මත්ස්‍යයා ප්‍රමාණයෙන් වැඩුණු කල ලොකු කෙළවල්ලකු තරම් වෙයි. මීටර දෙකක් තරම් දිගට වැඩෙන මේ සත්වයාගේ බර කිලෝග්‍රෑම් අටක් ඉක්මවිය හැකිය. උගේ මුළු සිරුරම තදින් ඇසුරුණ ඝනකම් කොරපතු වලින් වැසී ඇත්තේ ඒ යුගයේ ජීවත්ව සිටි අනෙක් මත්ස්‍යයන්ගේ මෙ...

ගුරුත්වය සහ කාල අවකාශ වක්‍රතාවය

Image
මේ විශ්වයේ පවතින ඕනෑම ස්කන්ධ දෙකක් අතර ආකර්ෂණ බල හට ගනී. එනම් සුර්‍රයා සහ පෘතුවිය අතර මෙන්ම ආලෝක වර්ෂ සිය දහස් ගනන් දුරින් පවතින ඕනැම ස්කන්ධ දෙකක් අතර වුවද ආකර්ෂණ බල හට ගනී. එම ආකර්ෂණ බල ගරුත්ව බල හෙවත් ගුරුත්වය ලෙස හැදින්වේ. මෙම රූපයේ දැක්වෙන පරිදි වඩදිය ඇති වනුයේ  චන්ද්‍රයා දෙසට සයුරේ ජල අණු ආකර්ෂණය විම නිසාය. එනම් චන්ද්‍රයා සහ ජල අණු අතර ආකර්ෂණ බලයක් හටගෙන චන්ද්‍රයා සිටින දිශාවට ලම්භක දිශාවල ඇති සයුරේ ජල අණු ද චන්ද්‍රයා සිටින දිශාවේ සයුරට පැමිණේ. එවිට සයුරේ ජල මට්ටම ඉහල යයි. එලෙසම පෘතුවියේ සමතුලිතතාවය රැක ගැනීම උදෙසා චන්ද්‍රයා සිටින දිශාවට  ප්‍රතිවිරුද්ධ දිශාවේ ද ජල මට්ටම ඉහළ යයි. එසේ නම් කුඩාම අංශුව වන ඉලෙක්ට්‍රොනයේ සිට අති විශාල මන්දාකිණි අතර පවා ගුරුත්වාකර්ෂණ බල හට ගන්නා බව දැන් ඔබට පැහැදිලි විය යුතුය.  නිව්ටන් පවසන පරිදි ගුරුත්වාකර්ෂණ බලය එම වස්තුවල ස්කන්ධයන්ගේ ගුණිතයට අනුලෝමවත් ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. ඒ අනුව වස්තූන් දෙකක් අතර ඇතිවන ගරුත්ව බලය පහත සමිකරණයෙන් ගනනය කල හැකිය. F= ස්කන්ධ දෙක අතර ග...