Posts

Showing posts from October, 2016

ගුරුත්වය සහ කාල අවකාශ වක්‍රතාවය

Image
මේ විශ්වයේ පවතින ඕනෑම ස්කන්ධ දෙකක් අතර ආකර්ෂණ බල හට ගනී. එනම් සුර්‍රයා සහ පෘතුවිය අතර මෙන්ම ආලෝක වර්ෂ සිය දහස් ගනන් දුරින් පවතින ඕනැම ස්කන්ධ දෙකක් අතර වුවද ආකර්ෂණ බල හට ගනී. එම ආකර්ෂණ බල ගරුත්ව බල හෙවත් ගුරුත්වය ලෙස හැදින්වේ. මෙම රූපයේ දැක්වෙන පරිදි වඩදිය ඇති වනුයේ  චන්ද්‍රයා දෙසට සයුරේ ජල අණු ආකර්ෂණය විම නිසාය. එනම් චන්ද්‍රයා සහ ජල අණු අතර ආකර්ෂණ බලයක් හටගෙන චන්ද්‍රයා සිටින දිශාවට ලම්භක දිශාවල ඇති සයුරේ ජල අණු ද චන්ද්‍රයා සිටින දිශාවේ සයුරට පැමිණේ. එවිට සයුරේ ජල මට්ටම ඉහල යයි. එලෙසම පෘතුවියේ සමතුලිතතාවය රැක ගැනීම උදෙසා චන්ද්‍රයා සිටින දිශාවට  ප්‍රතිවිරුද්ධ දිශාවේ ද ජල මට්ටම ඉහළ යයි. එසේ නම් කුඩාම අංශුව වන ඉලෙක්ට්‍රොනයේ සිට අති විශාල මන්දාකිණි අතර පවා ගුරුත්වාකර්ෂණ බල හට ගන්නා බව දැන් ඔබට පැහැදිලි විය යුතුය.  නිව්ටන් පවසන පරිදි ගුරුත්වාකර්ෂණ බලය එම වස්තුවල ස්කන්ධයන්ගේ ගුණිතයට අනුලෝමවත් ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. ඒ අනුව වස්තූන් දෙකක් අතර ඇතිවන ගරුත්ව බලය පහත සමිකරණයෙන් ගනනය කල හැකිය. F= ස්කන්ධ දෙක අතර ගුරුත්ව බලය                     m