Posts

Showing posts from November, 2016

අතීතයෙන් ආ සීලකාන්ත්

Image
ඩයිනෝසර් නම් අරුම පුදුම සත්වයන් මිහිමත සැරිසරන ලද්දේ දැනට වසර මිලියන ගණනකට පෙර දීය. ඩයිනෝසර් සතුන්ගේ සිරුරු අප දකින සතුන්ගේ ශරීරවලට වඩා අරුම පුදුම ලෙස වෙනස් විය. දැනට වසර මිලියන ගණනකට පෙර වඳ වී ගිය මේ සත්වයන් ගැන විද්‍යාඥයන් දැනගනුයේ උන්ගේ පාෂාණිභූත ඇටසැකිලි ඇරෙනි.                    ඩයිනෝසර් සතුන් වාසය කළ කාලයේ සිටි සමුද්‍ර ජීවීන් ද ආදි කාලයේ මත්ස්‍යයන්ගෙන් පුදුමාකාර ලෙස වෙනස් විය. සමහර මත්ස්‍යයන්ට ගාත්‍රා බඳු වරල් විය. උන්ගේ සිරුරු බොහෝ විට කැබැල්ලෑවකුගේ මෙන් ඝන කොරපතු සහිත විය. සීලකාන්ත් මත්ස්‍යයා ඒ යුගයේ සිටි අපූරු සත්වයෙකි. සත්ව විද්‍යාඥයෝ ඔවුන්ට ලැබුණු පොසිලමය සාක්ෂි අනුව සීලකාන්ත් මත්ස්‍යයන්ගේ  ප්‍රමාණය සහ හැඩහුරුකම ගැන නිවැරදි චිත්‍රයක් මවා ගත්හ.         සීලකාන්ත් මත්ස්‍යයා ප්‍රමාණයෙන් වැඩුණු කල ලොකු කෙළවල්ලකු තරම් වෙයි. මීටර දෙකක් තරම් දිගට වැඩෙන මේ සත්වයාගේ බර කිලෝග්‍රෑම් අටක් ඉක්මවිය හැකිය. උගේ මුළු සිරුරම තදින් ඇසුරුණ ඝනකම් කොරපතු වලින් වැසී ඇත්තේ ඒ යුගයේ ජීවත්ව සිටි අනෙක් මත්ස්‍යයන්ගේ මෙනි. සීලකාන්ත් මත්ස්‍යයන්ගේ වලිගය වර්තමානයේ දකින බොහෝ මත්ස්‍යයන්ගේ මෙන් කොටස් දෙ