Posts

Showing posts from September, 2016

ගීසා හි අභිරහස් පිරමීඩ

Image
ඊජිප්තුව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ එහි පිරමීඩ නම් වූ දැවැන්ත සොහොන් කොත් නිසා බව රහසක් නොවේ. පිරමීඩ යනු පෙර කල සිටි ෆේරෝ(පාරාවො) රජවරුන්ගේ සොහොන් කොත් යැයි කීවොත් එහි වරදක් නැත. ෆේරෝ රජවරු තම මතු ආත්මයෙහි ජීවිතයට අවශ්ය සියලු දෙයම පිරමීඩ තුළ රැස් කළහ. එලෙස ෆේරෝ රජවරුන්ගේ මරණයෙන් පසු, රජුගේ දේහය අවුරුදු දහස් ගනණක් ගත වුවත් නොදිරණ සේ බෙහෙත් ගල්වා මමිකරණයට ලක් කර රජුගේ වස්තු සම්භාරයද, මමිකරණයට ලක් කළ රජුගේ දේහය ද සමඟ පිරමීඩ තුල තැම්පත් කරණ ලදි. ඔවුන් එසේ මෘත සිරුරු නොදිරණ සේ පවත්වා ගත්තේ කෙසේද යන්න තවමත් ලොවට අභිරහසක් ව පවතී. ඔවුන් ඒ සඳහා කිසයම් රහස් වට්ටෝරුවක් භාවිත කර ඇති බවට බොහෝ දෙනා සිතුවත් එය නිර්මාණය කිරීමට නවීන විද්යාව තවමත් අපොහොසත් වී ඇත. ඊජිප්තුවේ දැනට පිරමීඩ 10 ක් පමණ ශේෂ වී ඇත. අනෙක්වා නිදන් වස්තු කොල්ලකරුවන් විනාශ කරනු ලැබ එහි ඇති ගල් බැමි, ගෙවල් තැනීමට ගෙන ගොස් ඇත. දැනට ඉතිරිව ඇති පැරණිම පිරමීඩය ජෝසර් රජුට අයත්ය. එය අවුරුදු 4600ක් පමණ පැරණි පඩි ආකාර අවලස්සන පිරමීඩයකි. ජෝසර්ගේ පිරමීඩයට අඩි 28 ක් යටින් ඔහුගේ සොහොන් ගැබ පිහිටා ඇත. නෙෆෙරුගේ පිරමීඩය ඊට වඩා පස

දිය කිඳුරෝ

Image
ලෝකයේ සෑම ප්රදේශයකම දිය කිඳුරන් ගැන ජන කථා, මිථ්යා ප්රබන්ධ පැතිරගොස් ඇත. පෙර කල මුහුදු ගමන් වල යෙදුණු පිරිස් දිය කිඳුරන් දුටු බවට විශ්වාසනීය වාර්තාවන් අපට හමු වේ. ඒ තොරතුරු වල කියැවෙන පරිදි මිනිස් උඩුකයක් ද මත්සයකුගේ යටි කයක්ද දිය කිඳුරන්ට තිබී ඇත. මුහුද මැද ගල් තලාවන්හී නැග සිට සංගීතමය නාදයක් පතුරවන  දිය කිඳුරන් ගැන බොහෝ රටවල ධීවරයෝ විවිධ තොරතුරු ගෙන හැර පාති. ඉංග්රීසි භාෂාවේ  කිඳුරියන් හැඳින්වනුයේ mermaid  යනුවෙනි. එහි අර්ථය මුහුදෙහි ජීවත්වන ගැහැණිය යන්නයි.  දිය කිඳුරියන්ගේ පුරුෂ පක්ෂය mermen  නම් වෙති. පෙර කල යුරෝපයේ විසූ සමහර යාත්රිකයන් කිඳුරන්ගේ රුවට හා හඬට වශී වී මුහුදෙ මං මුළා වූ බවට ජනප්රවාදයේ ඇත. කිඳුරන් හා මිනිසුන් අතර පවත්නා ඥාතිත්වය ගැන කෙතෙක් විශ්වාසයන් බිහිවී ද යත් මිනිසුන් කිඳුරන්ගෙන් පරිණාමය වූ බවට මතයක් ක්රිස්තු පූර්ව 6 වන සියවසේදී ඉදිරිපත් විය. චාර්ල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ඉදිරිපත් වන තෙක්ම කිඳුරන්ගෙන් මිනිසුන් බිහි වීය යන මතයට සැලකිය යතු පිළිගැනීමක් තිබුණි. සැබැවින්ම මිනිසුන්ගේ රෑපකාය වානරයන්ට වඩා කිඳුරන්ට සමීප විය. කිඳුරන් පිළිබඳ වාද විවාද මෙලෙස

හිමාලයේ හිම මිනිසා (යෙටී)

Image
ටිබෙට් රටේ කඳුකර පෙදෙස්වල වෙසෙන්නන්ගේන් වැඩි දෙනෙකුට ජීවිතයේ එක් දිනක් හෝ මේ අද්භූත හිම මිනිසා මුණගැසී තිබේ. මිනිසුන් මුණගැසෙන සෑම විටකදීම හිම මිනිසා පළ කළේ එකම ප්රතිචාරයකි. ඒ විදුලි වේගයෙන් දුව ගොස් කඳු අතර සැගවීමයි.                                        යෙටී හෙවත් හිම මිනිසාගේ පුරාවෘත්තය එවරස්ට් කන්ද තරමටම ජනප්රියය. මුලින්ම යෙටී පලිබඳ ලිඛිත සටහනක් දක්නට ලැබෙන්නේ 1832 දී බෙංගාලයේ ආසියාතික සංගමයේ සගරාවකට වී.එච්. හොඩ්සන් නැමැත්තා විසින් සැපයූ ලිපියකයි. එහි එම සත්වයා හදුන්වා දී ඇත්තේ තද පැහැති ලොමින් වැසුණු සෘජු කාය විලාසයක් සහිත දෙපයින් ගමන් කරන්නකු ලෙසයි.               ටිබෙට් බසින් යෙටී යන්නෙහි තේරුම 'මෘග මිනිසා ' යන්නයි. යෙටීගේ පා සටහන් පළමු වරට පර්යේෂකයන් ඡායාරෑපගත කරනු ලැබුවේ වර්ෂ 1921 දීය. හොවාඩ් බෙරී ප්රමුඛ ගවේෂක කණ්ඩායමට හිමාල කඳුවැටියේ අඩි 20000 ක් උස් සීමාවේ හිම මත එබී තිබූ යෙටීගේ පා සටහන් හොවාඩ්ගේ කැමරා කාචය තුළ පැහැදිලිව සටහන් විය.                                 ටිබෙටය වර්ෂ 1921 දී මුල්වරට බටහිර සංචාරකයන් සඳහා විවෘත විය. 1921 දී ටිබෙට් රටට හා හා පුරා කි

ලොක්නෙස් විලේ මකරා (නෙසී)

Image
ස්කොට්ලන්තයේ ලොක්නෙස් විල ආශ්රිතව වෙසෙන අද්භූත සත්වයකු ගැන ඒ පෙදෙසෙහි මිනිසුන් අතර දිගු කලක පටන් විශ්වාසයක් පැවතුණි. ලොක්නෙස් විලෙහි වෙසෙන කෙල්පි නම් අද්භූත සත්වයා ගොදුරු අල්ලා ගැනීමට ගොඩට පැමිණෙයි. අශ්වයකුගේ බඳු හිසක්ද තල්මසකුගේ බඳු ශරීරයක් ද ඇති මේ බියකරු සත්වයා ගොදුරක් අල්ලා ගත් සැණින් ලොක්නෙස් විලට දිවගොස් ජලය තුල සැගවෙයි එකල බොහෝ දෙනෙක් මෙම සිද්ධීන් හුදෙක් ජනප්රවාද ලෙස බැහැර කල නමුත් 1871 දී මේ අපූරු සත්වයා ප්රසිද්ධියේ දර්ශනය විය.එවර ඌ දිය මතුපිට වේගයෙන් ඇදී ගයේය. වඩාත්ම සිත්ගන්නා සුලු සිද්දිය සිදු වූයේ 1933 දීය. 1933 ජූලි 22 දා අඩි 4ක් උසැති අබි 25ක් පමණ දිගැති අලියකුගේ වන් හොඩයක් ඇති සත්වෙක් ලොක්නෙස් විල දෙසට පාර මාරු වෙමින් සිටියේ ඒ දෙස බලා සිටි දෙදෙනකු මවිතයට පත් කරමිනි.                          මේ අපුරු සත්වයා දකින ලද අවස්ථාවන් වැඩිපුරම වාර්තා වන්නේ 1933 වර්ෂයෙනි. මෙ සිද්ධි දාමය පුවත්පත්වල වාර්තා වීමත් සමග ලොක්නෙස් විල වෙත සංචාරකයන් ඇදී අයේ නිරායාසයෙනි. සංචාරකයෝ ලොක්නෙස් විලේ දැවැන්තයාට 'නෙසී' යන සුරතල් නමක් තැබුහ. මෙම සත්වයාගේ ඡායාරූපයක් 1933.04.01 වන දින ඩේලි