අතීතයෙන් ආ සීලකාන්ත්
ඩයිනෝසර් නම් අරුම පුදුම සත්වයන් මිහිමත සැරිසරන ලද්දේ දැනට වසර මිලියන ගණනකට පෙර දීය. ඩයිනෝසර් සතුන්ගේ සිරුරු අප දකින සතුන්ගේ ශරීරවලට වඩා අරුම පුදුම ලෙස වෙනස් විය. දැනට වසර මිලියන ගණනකට පෙර වඳ වී ගිය මේ සත්වයන් ගැන විද්‍යාඥයන් දැනගනුයේ උන්ගේ පාෂාණිභූත ඇටසැකිලි ඇරෙනි.
ඩයිනෝසර් සතුන් වාසය කළ කාලයේ සිටි සමුද්‍ර ජීවීන් ද ආදි කාලයේ මත්ස්‍යයන්ගෙන් පුදුමාකාර ලෙස වෙනස් විය. සමහර මත්ස්‍යයන්ට ගාත්‍රා බඳු වරල් විය. උන්ගේ සිරුරු බොහෝ විට කැබැල්ලෑවකුගේ මෙන් ඝන කොරපතු සහිත විය. සීලකාන්ත් මත්ස්‍යයා ඒ යුගයේ සිටි අපූරු සත්වයෙකි. සත්ව විද්‍යාඥයෝ ඔවුන්ට ලැබුණු පොසිලමය සාක්ෂි අනුව සීලකාන්ත් මත්ස්‍යයන්ගේ ප්‍රමාණය සහ හැඩහුරුකම ගැන නිවැරදි චිත්‍රයක් මවා ගත්හ.
සීලකාන්ත් මත්ස්‍යයා ප්‍රමාණයෙන් වැඩුණු කල ලොකු කෙළවල්ලකු තරම් වෙයි. මීටර දෙකක් තරම් දිගට වැඩෙන මේ සත්වයාගේ බර කිලෝග්‍රෑම් අටක් ඉක්මවිය හැකිය. උගේ මුළු සිරුරම තදින් ඇසුරුණ ඝනකම් කොරපතු වලින් වැසී ඇත්තේ ඒ යුගයේ ජීවත්ව සිටි අනෙක් මත්ස්‍යයන්ගේ මෙනි. සීලකාන්ත් මත්ස්‍යයන්ගේ වලිගය වර්තමානයේ දකින බොහෝ මත්ස්‍යයන්ගේ මෙන් කොටස් දෙකකට නොව කොටස් තුනකට බෙදී ඇත. උරගයකුගේ මෙන් ගාත්‍රා පිහිටා ඇති අතර ඒ ගාත්‍රා කෙළවර වනුයේ වරල් වලිනි. එය දිගු කලක් ගොඩබිම විසූ සත්වයයෙක් නැවත මුහුදු වාසයට හුරු වීමේ දී කාලානුරූපව දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයකි.
වඳ වී ගිය සතෙකු ලෙස සැලකුණු මේ මත්ස්‍යයා සත්ව විද්‍යාඥයන්ගේ වැඩි අවධානයට යොමු නොවුණේ ඌ දැනට වසර මිලියන හැට පහකට පෙර මිහිතලයෙන් සමුගත් බවට පිළිගත හැකි ප්‍රබල සාක්ෂි තිබූ බැවිනි.
1938 අවුරුද්දේ දෙසැම්බර් 23 වෙනිදා මේ ලියුම ලියුවේ මර්ජෝරි කෝට්නි ලැටිමෝර් නම් තරුණයෙකි. ඔහු එකල දකුණු අප්‍රිකාවේ සේවය කල නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයේ නියෝජිතයායි. ඔහු මේ ලියුම ලියුවේ රෝඩ්ස් සරසවියේ රසායන විද්‍යාඥයකු වූ ජේම්ස් ලෙනාඩ් ස්මිත්ටයි. ඔහු මත්ස්‍යයන් පිළිබඳ පර්යේෂණ කරණ විද්‍යාඥයෙකි.
සීලකාන්ත් මත්ස්‍යයාගේ පොසිල හා සන්සන්දනය කළ සත්ව විද්‍යාඥයෝ ඒ අරුම පුදුම මත්ස්‍යයා සීලකාන්ත් බව පැහැදිලිව අවබෝධ කර ගත්හ. ගවේෂකයන්ගේ කුතුහලය දියුණු තියුණු කරමින් කරවල ලෙස සැකසූ සීලකාන්ත් මසුන් කිහිප දෙනෙකු මේ කාලවකවානුවේ දී මැඩගස්කරයෙන් සොයා ගන්නා ලදි. නැවත 1952 දී මැඩගස්කරය අසල මුහුදේ දී සීලකාන්ත් මත්ස්‍යයකු අල්ලා ගන්නා ලදි.
සීලකාන්ත් ගැඹුරු මුහුදේ වාසය කිරීමට හුරු වූ මත්ස්‍යයෙකි. නොගැඹුරු මුහුදට පැමිණි විගස ඌ අඩු පීඩනයට ලක්ව මිය යයි. මේ නිසා විශේෂයෙන් සකස් කළ සබ්මැරීන් වලින් ගැඹුරු මුහුද කරා යාමට විද්‍යාඥයන්ට සිදු විය.
මේ අපූරු සත්වයා ගොදුරු සොයනුයේ හිස යටිකුරුව තබාගෙන පිහිනමිනි. ඉදිරියට, දෙපැත්තටම මෙන්ම පසු පසට පිහිනීමේ හැකියාව ඌ සතු විය. අනෙක් මසුන් කෙටි ජිවිත කාල ගත කරද්දී සීලකාන්ත් වසර 60 කට වඩා ආයු වළඳන බව විද්‍යාඥයන් විසින් හෙළි කරගෙන ඇත.
අනෙක් මසුන් බිත්තර දමද්දී සීලකාන්ත් ඊට හාත් පසින්ම වෙනත් අයුරකින් පැටවුන් බිහි කරයි. මත්ස්‍ය බිත්තර සිරුර තුලම මෝරා වැඩී ගැඹුරු මුහුදේ ජීවත් වීමට සමත් මත්ස්‍ය පැටවු මවු කුසෙන් බිහිවෙති.
සීලකාන්ත් මුණගැසීමත් සමඟ සත්ව විද්‍යාඥයෝ දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටිති. වසර මිලියන ගණනකට පෙර මිහිතලයෙන් අතු ගෑවී ගියා සේ සලකා සිටි ඩයිනෝසර් සතුන් තවම මෙලොව ජීවත්ව සිටිය හැකිද? මේ ප්‍රශ්නයට අද වන තුරු පිළිතුරක් ලැබී නැත.
ඩයිනෝසර් සතුන් වාසය කළ කාලයේ සිටි සමුද්‍ර ජීවීන් ද ආදි කාලයේ මත්ස්‍යයන්ගෙන් පුදුමාකාර ලෙස වෙනස් විය. සමහර මත්ස්‍යයන්ට ගාත්‍රා බඳු වරල් විය. උන්ගේ සිරුරු බොහෝ විට කැබැල්ලෑවකුගේ මෙන් ඝන කොරපතු සහිත විය. සීලකාන්ත් මත්ස්‍යයා ඒ යුගයේ සිටි අපූරු සත්වයෙකි. සත්ව විද්‍යාඥයෝ ඔවුන්ට ලැබුණු පොසිලමය සාක්ෂි අනුව සීලකාන්ත් මත්ස්‍යයන්ගේ ප්‍රමාණය සහ හැඩහුරුකම ගැන නිවැරදි චිත්‍රයක් මවා ගත්හ.
සීලකාන්ත් මත්ස්‍යයා ප්‍රමාණයෙන් වැඩුණු කල ලොකු කෙළවල්ලකු තරම් වෙයි. මීටර දෙකක් තරම් දිගට වැඩෙන මේ සත්වයාගේ බර කිලෝග්‍රෑම් අටක් ඉක්මවිය හැකිය. උගේ මුළු සිරුරම තදින් ඇසුරුණ ඝනකම් කොරපතු වලින් වැසී ඇත්තේ ඒ යුගයේ ජීවත්ව සිටි අනෙක් මත්ස්‍යයන්ගේ මෙනි. සීලකාන්ත් මත්ස්‍යයන්ගේ වලිගය වර්තමානයේ දකින බොහෝ මත්ස්‍යයන්ගේ මෙන් කොටස් දෙකකට නොව කොටස් තුනකට බෙදී ඇත. උරගයකුගේ මෙන් ගාත්‍රා පිහිටා ඇති අතර ඒ ගාත්‍රා කෙළවර වනුයේ වරල් වලිනි. එය දිගු කලක් ගොඩබිම විසූ සත්වයයෙක් නැවත මුහුදු වාසයට හුරු වීමේ දී කාලානුරූපව දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයකි.
" ආචාර්ය ස්මිත්,ඊයෙ මට හරිම අපූරු විදිහෙ මාළුවෙක් දකින්න ලැබුනා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුනේ කුල්මන් අවට මුහුදේ බඹ 40ක් ගැඹුරින්. මේ මාළුවාගේ සිරුර පුරාම ඝන කොරපොතු තියනවා බැලූ බැල්මටම සන්නාහයකින් සැරසිලා ඉන්නව වගෙයි. උගෙ වරල් හරියට ගාත්‍රා වගෙයි."
1938 අවුරුද්දේ දෙසැම්බර් 23 වෙනිදා මේ ලියුම ලියුවේ මර්ජෝරි කෝට්නි ලැටිමෝර් නම් තරුණයෙකි. ඔහු එකල දකුණු අප්‍රිකාවේ සේවය කල නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයේ නියෝජිතයායි. ඔහු මේ ලියුම ලියුවේ රෝඩ්ස් සරසවියේ රසායන විද්‍යාඥයකු වූ ජේම්ස් ලෙනාඩ් ස්මිත්ටයි. ඔහු මත්ස්‍යයන් පිළිබඳ පර්යේෂණ කරණ විද්‍යාඥයෙකි.
සීලකාන්ත් මත්ස්‍යයාගේ පොසිල හා සන්සන්දනය කළ සත්ව විද්‍යාඥයෝ ඒ අරුම පුදුම මත්ස්‍යයා සීලකාන්ත් බව පැහැදිලිව අවබෝධ කර ගත්හ. ගවේෂකයන්ගේ කුතුහලය දියුණු තියුණු කරමින් කරවල ලෙස සැකසූ සීලකාන්ත් මසුන් කිහිප දෙනෙකු මේ කාලවකවානුවේ දී මැඩගස්කරයෙන් සොයා ගන්නා ලදි. නැවත 1952 දී මැඩගස්කරය අසල මුහුදේ දී සීලකාන්ත් මත්ස්‍යයකු අල්ලා ගන්නා ලදි.
සීලකාන්ත් ගැඹුරු මුහුදේ වාසය කිරීමට හුරු වූ මත්ස්‍යයෙකි. නොගැඹුරු මුහුදට පැමිණි විගස ඌ අඩු පීඩනයට ලක්ව මිය යයි. මේ නිසා විශේෂයෙන් සකස් කළ සබ්මැරීන් වලින් ගැඹුරු මුහුද කරා යාමට විද්‍යාඥයන්ට සිදු විය.
මේ අපූරු සත්වයා ගොදුරු සොයනුයේ හිස යටිකුරුව තබාගෙන පිහිනමිනි. ඉදිරියට, දෙපැත්තටම මෙන්ම පසු පසට පිහිනීමේ හැකියාව ඌ සතු විය. අනෙක් මසුන් කෙටි ජිවිත කාල ගත කරද්දී සීලකාන්ත් වසර 60 කට වඩා ආයු වළඳන බව විද්‍යාඥයන් විසින් හෙළි කරගෙන ඇත.
අනෙක් මසුන් බිත්තර දමද්දී සීලකාන්ත් ඊට හාත් පසින්ම වෙනත් අයුරකින් පැටවුන් බිහි කරයි. මත්ස්‍ය බිත්තර සිරුර තුලම මෝරා වැඩී ගැඹුරු මුහුදේ ජීවත් වීමට සමත් මත්ස්‍ය පැටවු මවු කුසෙන් බිහිවෙති.
සීලකාන්ත් මුණගැසීමත් සමඟ සත්ව විද්‍යාඥයෝ දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටිති. වසර මිලියන ගණනකට පෙර මිහිතලයෙන් අතු ගෑවී ගියා සේ සලකා සිටි ඩයිනෝසර් සතුන් තවම මෙලොව ජීවත්ව සිටිය හැකිද? මේ ප්‍රශ්නයට අද වන තුරු පිළිතුරක් ලැබී නැත.
Faara bro 😊😊😊😊 superb..! Thawa thawath me wage post danna..!good luck
ReplyDeleteThankz mchan supun😊😊
DeleteApe gedarath innawa okek..
ReplyDeleteApe gedarath innawa okek..
ReplyDeleteAththda yohan... balagena bn... thava tika davaskin dainosir lath idi oya paththe.... 😃😃😃😃
ReplyDeleteMona unath logao ekta thankz aaa...
Ela ela oka mkakda
DeleteEla ela oka mkakda
Delete