ප්‍රතිගුරුත්වය

ඔන්න ඉතින් කාලෙකට පස්සේ වෙලාවක් හම්බුනා තව ලිපියක් ලියන්න..😊😊 ඔයගොල්ලන්ට මතකද මම ගීසාහී අභිරහස් පිරමීඩ කියලා ලිපියක් දැම්මා. කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවල ඒන්නකො. ඒකේ මම කියල තියනව මේ පිරමීඩ හදන්න ප්‍රතිගුරුත්වය යොදාගෙන තියනවා කියලා. එහෙම කිව්වට මොකක්ද මේ ප්‍රතිගුරුත්වය කියන්නෙ කියල මන් විස්තර කලේ නැහැනෙ. ගොඩදෙනෙක් නම් දන්වා ඇති මේ ප්‍රතිගුරුත්වය කියන්නේ මොකක්ද කියලා. නොදන්න අයට දැන ගන්නත්, දන්න අයට ඒ ගැන තව අලුත් කරුණු ඉගෙන ගන්නත් ඒක්ක තමයි මේ ලිපිය ලියන්නෙ. ගුරුත්වය සහ කාල අවකාශ වක්‍රතාවය කියන ලිපිය කියවපු නැති ඈයො ඉන්නවනම් මෙතැනින් ගිහින් අනිවාරෙන් කියවලම එන්න. එහෙම නොකර මේක කයවලා තේරුනේ නෑ කියලනම් මට පස්සේ දොස් කියන්න එහෙම එපා. හා ද?😊

   නිව්ටන්ගෙ තුන්වන නියමයට අනුව සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් තියනවා.

 ඉතින් ඔය නියමය නිව්ටන් හොයා ගත්ත ගුරුත්වාකර්ෂණයටත් වලංගු විය යතුයිනෙ. ඒ විදිහට බැලුවම වස්තුවක් ඉහල සිට අතහැරිය විට වස්තුව ගුරුත්ව බලයකට ලක් වෙලා පහලට වැටෙන්න පටන් ගන්නවා. නමුත් බැරි වෙලාවත් ඔය පහලට තියන ගුරුත්ව බලය අපට ඉහලට හරවන්න පලුවන් උනොත් මොකක් වෙයිද? ඔව් ඔව් වස්තුව පහලට වැටෙන්නෙ නැතුව ඉහලට චලනය වෙන්න පටන් ගන්වා. කොටින්ම කිව්වොත් ඔය චුම්භක වල ආකර්ෂණ වගේම විකර්ෂණ කියලා බල දෙකක් තියනවානෙ. නමුත් දැනට හොයාගෙන තියන විදිහට ගුරුත්ව බල වලට පවතින්නෙ ආකර්ෂණ බල විතරයි. ඒක තමයි ඔය ගුරුත්වාකර්ෂණය කියන්නෙ. ඒ විදිහට ස්කන්ධ අතර ආකර්ෂණ බල නැතිව විකර්ෂණයක් ඇති වුවොත් එය තමයි ගුරුත්ව විකර්ෂණය හෙවත් ප්‍රතිගුරුත්වය ලෙස හදුන්වන්නෙ.

   දැන් ඉතින් කට්ටිය බලනවා ඇති ඕකෙන් ඇති වැඩේ මොකක්ද කියලා. මේකෙන් පට්ට වැඩ කරන්න පුලුවන්. (මන් ඔක්කොම දන්නෙ නෑ හරිද. දන්න ටික කියන්නම්. ☺) ඔයගොල්ලො දන්නවනෙ ඕනම වස්තුවකට බරක් තියනවා කියල. වස්තුවකට ඔය බර ලැබෙන්නෙ, වස්තුව සහ පෘතුවිය අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය නිසයි. ඒ කියන්නෙ පෘතුවිය නිසා වස්තුව මත සිරස්ව පහලට බලයක් ඇති වෙනවා. දැන් ප්‍රතිගුරුත්වය යොදලා, ඒ කියන්නෙ වස්තුව හා පෘතුවිය අතර ගුරුත්ව විකර්ෂණයක් ඇතිවන විදිහට සකස් කලොත් වස්තුව මත සිරස්ව පහලට ක්‍රියාකරන බලය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නෙ වස්තුවෙ බර ක්‍රමයෙන් අඩු වෙනවා කියන එක තමයි. ඒ විදිහට පෘතුවියේ ගුරුත්වාකර්ෂණ බලයට සමාන බලයක් ප්‍රතිගුරුත්වය මගින් යෙදීමට හැකි නම් වස්තුවේ බර ශුන්‍ය වෙනවා. ඒ අනුව ටොන් ගනණක් බර වස්තුවක් උනත් ප්‍රතිගුරුත්වය යෙදීම මගින් එය බැලුම් බොලයක් එසවීම තරම් පහසුවෙන් කල හැකි වෙනවා. කොහොමද පට්ටයි නෙ වැඩේ.
              

ඇත්තටම ඔය ප්‍රතිගුරුත්වය කියන්නේ වර්ථමානයට තවමත් සංකල්පයක් විතරයි. ( හැබැයි ලොවටම රහසින්, රහස් පරීක්ෂණ කරණ Area 51 තුල ඔය ප්‍රතිගුරුත්ව තාක්ෂණය හොයාගෙන තියනවද කියලා කියන්න දන්නෙ නෑ. ඒ ගැන  Area 51 නැමැති ලිපියක් ඉදිරියේදී පල කරන්නම්. )  එය වර්ථමානයට සංකල්පයක් වූ නමුත් අතීතයේ දී නම් එය සැබෑවටම භාවිත වූ බවට සාධක පවතිනවා. උදාහරණ විදිහට පිරමීඩ සෑදිමට භාවිත කරපු ගල් කුට්ටි ටොන් ගනණක් බරයි. නමුත් ඔවුන් එම ගල් කුට්ටි රැගෙන විත් පිරමීඩ ඉහලට එම ගල් රැගෙන ගියේ කෙසේද යන ගැටලුවේදී බොහෝ දෙනාගේ පිලිතුර වනුයේ ප්‍රතිගුරුත්වයයි. දොඹකරවත් නොතිබූ එකල ටොන් ගනණක් බරැති එම ගල් ඉහලට එසවීමට ප්‍රතිගුරුත්වය යොදා ගත් බව සිතීම ඉතා සාධාරණය. ඒ වගේම එඩ්වඩ් ලීඩ්ස්කින් විසින් නිර්මාණය කල කොරල් මාලිගයද මෙයට කදිම නිදසුනකි. (ඒ ගැනැත් ලිපියක් පල කරන්නම්) තමාව හැර ගිය සිය පෙම්වතිය වෙනුවෙන් බව පවසමින් ඔහු විසින් තනියම ටොන් ගනණක් බරැති කොරල් පාෂාණ වලින් උද්‍යානයක් නිමවන ලදි.





එඩ්වඩ්ගේ කොරල් මාලිගය පිළිබඳ වීඩියෝව.

තනි මිනිසෙකු ටොන් ගනණක් බරැති කොරල් පාෂාණ ඔසවමින් මෙවැනි නිර්මාණයක් සිදු කරීම නිසැකවම ප්‍රතිගුරුත්වය පිළිබඳ ප්‍රබල සාක්ෂියකි.

     ඇත්තටම අනාගතයේ යම් දවසක ප්‍රතිගුරුත්වය යතාර්ථයක් වුවහොත් එය තාක්ෂණයේ සීඝ්‍ර දියණුවට ඉවහල්වනු ඇති බව විද්වතුන්ගේ මතයයි.

ඔයගොල්ලන්ට මතක ඇති මම පල කරපු ගුරුත්වය සහ කාල අවකාශ වක්‍රතාවය කියන ලිපියේ, නිව්ටන් විසින් සොයාගත් ගුරුත්වාකර්ෂණය ඇතිවන්නේ කෙසේද කියා අයින්ස්ටයින් විසින් කාල-අවකාශ වක්‍රතාවය උපයෝගී කරගනිමින් පැහැදිලි කල ආකාරය. එහිදී එය පැහැදිලි කිරීමට යොදාගත් උදාහරණය සිහියට නගාගමු.
            ඇදෙන සුළු රෙදි කැබැල්ලක් ක‍ොන් සතරින් අල්වා, රෙද්ද රැළි නොගැස‍ෙන ස‍ේ හොඳින් ඇද ඇතැයි සිතන්න. එවිට ඒ ඇදුන රෙදි කැබැල්ල මත ලෙදර් බෝලයක්  වැනි යමක් තැබුවහොත් කුමක් සිදුවේ ද...? අර බෝලය්‍ෙ ස්කන්ධය නිසා රෙදි කැබැල්ල පහළට වක්‍ර වනු ඇත.දැන් ඔබ එ අසලින් කුඩා වීදුරු බෝලයක් තැබුවහොත් එම වීදුරු බෝලය, ලෙදර් බෝලය අසලට යන බව ඔබට දැක ගත හැක.

         මෙහි ලෙදර් බෝලය පෘතුවිය නම්, රෙදි කැබැල්ල කාල අවකාශය නම් ( කාල-අවකාශය අපගේ පංචේන්ද්‍රියට හසු නොවේ.එය අපගේ සිව්වන මානයයි.) පෘතුවියේ අධික ස්කන්ධය නිසා කාල-අවකාශය වක්‍ර වී අප ඇතුලු සියලු වස්තුන් පෘතුවිය වෙත ආකර්ෂණය වී පවතී. මෙලෙස ඇතිවන ගුරුත්ව ආකර්ෂණය නිසා වස්තුවකට බරක් හිමි වන බව මම ඉහත සඳහන් කලා. හොඳයි. දැන් එම නියමය උපයෝගී කර ගනිමින් වස්තුවක බර ශුන්‍ය වන ආකාරයෙන් ප්‍රතිගුරුත්වය නිර්මාණය කල හැක්කේ කෙසේ දැයි බලමු.


එහත රූපයේ දැක්වෙන පරිදි අපට කාල-අවකාශය වක්‍ර කිරීමට හැකි වූයේ යැයි සිතන්න. ( ඒක කරන විදිහ තමා දන්නෙ නැත්තෙ. මොකක් හරි උපකරණයක් මගින් එය සිදු කලේ යැයි සිතන්න) එවිට එම වක්‍රය දෙසට වාහනය ඇදි යාමට තැත් කරයි. එවිට එම වක්‍රය නිසා වාහනය මත ඉහළට ගුරුත්ව බලයක් හටගනී. එවිට වාහනයේ බර අඩු වීමකට ලක්වේ. එලෙස අප විසින් සෑදූ එම කෘතිම කාල-අවකාශ වක්‍රය, පෘතුවිය විසින් ඇතිකරන කාල-අවකාශ වක්‍රතාවයට සමාන වූ විට වාහනයේ බර ශුන්‍ය වේ. මේ ක්‍රියාවලිය උපයෝගී කරගෙන අපට වාහනයක් චලනය කල හැක. ඒ කියන්නෙ මෙමගින් ඉන්ධනවත් විදුලියවත් නොමැතිව වාහනය චලනය කිරීමට හැකි. 
                                                         කාල-අවකාශය වක්‍ර කල හැකි එන්ජිමක් වාහනය සතු බව සිතන්න.


    එවිට වාහනය  A වැනි ස්ථානයක පවතින විට වාහනයේ එන්ජිම මඟින් B  වැනි ස්ථානයක කාල-අවකාශය වක්‍ර කරනු ලබයි. එවිට වාහනය Bවෙත ඇදී යයි. ඉන්පසු වාහනය B ස්ථානයට පැමිනෙන විට කාල-අවකාශ වක්‍රය C ස්ථානයට පැමිනේ. එවිට වාහනය C ස්ථානය වෙත ඇදී යයි. නැවතත් පෙර පරිදි කාල-අවකාශ වක්‍රය ඉදිරියට යයි. එලෙස සෑමවිටම වාහනයට ඉදිරියෙන් කාල-අවකාශ වක්‍රය රදවා ගැනීම තුලින් වාහනය ඉදිරියට ගමන් කරවිය හැකිය. එලෙස කාල-අවකාශ වක්‍රයේ දිශාව වෙනස් කිරීම මගින් වාහනයේ දිශාව ද එහි වක්‍රතාවය අඩු වැඩි කරීම තුලින් වාහනයේ වේගයද පාලනය කල හැක.

          ඇත්තටම ආනාගතයේ ඇති වීමට නියමිත ඉන්ධන ගැටලුවට මේක කදිම විසදුමක් තමයි. ඒත් ප්‍රශ්නය තමයි ඒ විදිහට කාල-අවකාශය වක්‍ර කළ හැකි දැනුමක් අපට නැති වීමයි.  ඔන්න හොයාගන්නවම් දේවල්. දැන්මම පරීක්ෂණ කරන්න පටන් ගන්න එහෙනම්. නොබෙල් තෑග්ග උනත් දෙන්න බැරි කමක් නෑ.😊😆 එහෙනම් ඊලග ලිපියෙන් ආයෙත් හමුවෙමු. එතකන් පරීක්ෂණ කර කර ඉන්න හොඳේ. 😀


සැ.යු:- ඉහත සඳහන් කර ඇති සියලු මතවාද අයින්ස්ටයින්ගේ                 කාල-අවකාශ නියමය නිවැරදි යැයි උපකල්පනය කර සිදු             කර ඇති මතවාද වේ.

Comments

  1. Me dan ohoma hama car driver kenekma kala awakasha vakratha athi kara kara nikan issarahata yanna haduwoth eka eka athi karana vakratha hinda eka car driver kenektawath yanna ona thanata yanna wenne na neda

    ReplyDelete
    Replies
    1. ඔවු හැබැයි.. එකත් ඇත්ත yohan rashmitha. ඒත් පියාඹන පීරිසි වල චලනය සඳහා යොදා ගන්න‍ෙත් ඔය තාක්ෂණය කියල තමයි ගොඩ දෙනෙක් විස්වාස කරන්නේ. ඉතින් ඔය ගැටලුවට මොකක් හරි විසදුමක් ඇති. අපි එක අනාගතයට භාර කරමු.

      Delete

Post a Comment

Popular posts from this blog

දිය කිඳුරෝ

ලොක්නෙස් විලේ මකරා (නෙසී)