ලොක්නෙස් විලේ මකරා (නෙසී)

ස්කොට්ලන්තයේ ලොක්නෙස් විල ආශ්රිතව වෙසෙන අද්භූත සත්වයකු ගැන ඒ පෙදෙසෙහි මිනිසුන් අතර දිගු කලක පටන් විශ්වාසයක් පැවතුණි. ලොක්නෙස් විලෙහි වෙසෙන කෙල්පි නම් අද්භූත සත්වයා ගොදුරු අල්ලා ගැනීමට ගොඩට පැමිණෙයි. අශ්වයකුගේ බඳු හිසක්ද තල්මසකුගේ බඳු ශරීරයක් ද ඇති මේ බියකරු සත්වයා ගොදුරක් අල්ලා ගත් සැණින් ලොක්නෙස් විලට දිවගොස් ජලය තුල සැගවෙයි

එකල බොහෝ දෙනෙක් මෙම සිද්ධීන් හුදෙක් ජනප්රවාද ලෙස බැහැර කල නමුත් 1871 දී මේ අපූරු සත්වයා ප්රසිද්ධියේ දර්ශනය විය.එවර ඌ දිය මතුපිට වේගයෙන් ඇදී ගයේය. වඩාත්ම සිත්ගන්නා සුලු සිද්දිය සිදු වූයේ 1933 දීය. 1933 ජූලි 22 දා අඩි 4ක් උසැති අබි 25ක් පමණ දිගැති අලියකුගේ වන් හොඩයක් ඇති සත්වෙක් ලොක්නෙස් විල දෙසට පාර මාරු වෙමින් සිටියේ ඒ දෙස බලා සිටි දෙදෙනකු මවිතයට පත් කරමිනි.

                         මේ අපුරු සත්වයා දකින ලද අවස්ථාවන් වැඩිපුරම වාර්තා වන්නේ 1933 වර්ෂයෙනි. මෙ සිද්ධි දාමය පුවත්පත්වල වාර්තා වීමත් සමග ලොක්නෙස් විල වෙත සංචාරකයන් ඇදී අයේ නිරායාසයෙනි. සංචාරකයෝ ලොක්නෙස් විලේ දැවැන්තයාට 'නෙසී' යන සුරතල් නමක් තැබුහ. මෙම සත්වයාගේ ඡායාරූපයක් 1933.04.01 වන දින ඩේලි මේල් පුවත්පතෙහි පළ විය. පසුව එම ඡායාරුපය ව්යාජ ලෙස සකස් කල එකක් බව තහවුරු විය.

      නෙසී පිළිබඳ පර්යේෂණ ආරම්භ වූයේ වර්ෂ 1934 තරම් ඈතක සිටය. 1934 දී ප්රබල දුරේක්ෂ මගින් ලොක්නෙස් විල පරික්ෂා කරනු ලැබුව ද අමුතු සතකුගේ පැවැත්ම හෙළිදරව් කරගත නොහැකි විය. 1967 දී පර්යේෂකයන් විසින් ලොක්නෙස් විලේ කිහිප තැනක සංවේදී උපකරණ සවි කරන ලද දැල් සවි කරන ලදි. 1968 වර්ෂය දක්වා දැල් සවි කරීමෙ වැඩසටහන ක්රියාත්මක වූ නමුත් අවසානයේ එම උත්සහය අතහැර දමනු ලැබීය. මෙලෙස 1968 දී සෝනාර් හා හයිඩ්රෆෝන් යොදා ගනිමින් සිදු කරනු ලැබූ පර්යේෂණ ද ප්රතිඵලදායක නොවීය. මේ අතර රොබට් රයිම්ස් නම් පර්යේෂකයා ලොක්නෙස් විලේ ගැඹුරු තැන් ඡායාරූපගත කරීම අරම්භ කල අතර විල පත්ලේ ජලය බොර පැහැ ගෙන තිබූ නිසා ඔහුගේ ඡායාරූප එතරම් පැහැදිලි නොවීය. නමුත් ඒ ඡායාරූප කිහිපයකම විශාල සත්වයකුගේ වරල් සටහන් වී තිබුනි.

                    සත්ව විද්යාඥයන් මුහුණ පාන ප්රධානතම ගැටලුව වූයේ ලොක්නෙස් විලේ අද්භූත සත්වයා දැනට ජීවත් වන කිසිදු සත්වයකුට හැඩහුරුකමින් සමාන නොවීමයි. පුදුමයකට මෙන් නෙසී ගේ හැඩරුව ප්ලෙසියෝසරස් නම් ඩයිනෝසරයාගේ හැඩරුව සමග සියයට සියයක්ම පෑහේ. ප්ලෙසියෝසරස් ද නෙසී මෙන් ජලජ පරිසරයේ ජීවත් වූයෙකි. කෙසේ වුවත්, වසර ලක්ෂ ගණනකට පෙර මිහිතලයෙන් තුරන් වූ ප්ලෙසියෝසරස් ලොක්නෙස් විලෙන් නැවත මතු වන්නේ කෙසේද?
     
                    නෙසී පිළිබඳ ප්රශ්නය විසදෙනු වෙනුවට එය තවත් සංකීර්ණ වන සෙයක් පෙනී යයි. කෙසේ වෙතත් ලොක්නෙස් විලේ අභිරහස් සත්වයාගේ කතාව රහසක් ලෙසම පැවතීමට බොහෝ ඉඩකඩ පවතින බව පර්යේෂකයන්ගේ මතයි..

Comments

Popular posts from this blog

ප්‍රතිගුරුත්වය

දිය කිඳුරෝ