දිය කිඳුරෝ

ලෝකයේ සෑම ප්රදේශයකම දිය කිඳුරන් ගැන ජන කථා, මිථ්යා ප්රබන්ධ පැතිරගොස් ඇත. පෙර කල මුහුදු ගමන් වල යෙදුණු පිරිස් දිය කිඳුරන් දුටු බවට විශ්වාසනීය වාර්තාවන් අපට හමු වේ. ඒ තොරතුරු වල කියැවෙන පරිදි මිනිස් උඩුකයක් ද මත්සයකුගේ යටි කයක්ද දිය කිඳුරන්ට තිබී ඇත.


මුහුද මැද ගල් තලාවන්හී නැග සිට සංගීතමය නාදයක් පතුරවන දිය කිඳුරන් ගැන බොහෝ රටවල ධීවරයෝ විවිධ තොරතුරු ගෙන හැර පාති.

ඉංග්රීසි භාෂාවේ කිඳුරියන් හැඳින්වනුයේ mermaid යනුවෙනි. එහි අර්ථය මුහුදෙහි ජීවත්වන ගැහැණිය යන්නයි. දිය කිඳුරියන්ගේ පුරුෂ පක්ෂය mermen නම් වෙති. පෙර කල යුරෝපයේ විසූ සමහර යාත්රිකයන් කිඳුරන්ගේ රුවට හා හඬට වශී වී මුහුදෙ මං මුළා වූ බවට ජනප්රවාදයේ ඇත. කිඳුරන් හා මිනිසුන් අතර පවත්නා ඥාතිත්වය ගැන කෙතෙක් විශ්වාසයන් බිහිවී ද යත් මිනිසුන් කිඳුරන්ගෙන් පරිණාමය වූ බවට මතයක් ක්රිස්තු පූර්ව 6 වන සියවසේදී ඉදිරිපත් විය. චාර්ල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ඉදිරිපත් වන තෙක්ම කිඳුරන්ගෙන් මිනිසුන් බිහි වීය යන මතයට සැලකිය යතු පිළිගැනීමක් තිබුණි. සැබැවින්ම මිනිසුන්ගේ රෑපකාය වානරයන්ට වඩා කිඳුරන්ට සමීප විය.


කිඳුරන් පිළිබඳ වාද විවාද මෙලෙස පවතිද්දී මුහුදු ඌරන් කිඳුරන් ලෙස වරදවා වටහාගෙන ඇති බවට සමහර විද්යාඥයෝ සැක පහළ කළහ. සෙමින් පිහිනන මුහුදු ක්ෂීරපායි සතෙකු වූ මුහුදු ඌරාට වරින් වර ජලයෙන් පිටතට හිස ඔසවා වටපිට බැලීමේ පරුද්දක් වෙයි. මේ නිසා සමහරු මුහුදු ඌරෝ කිඳුරකු ලෙස වරදවා වටහා ගනිති.



                    පිළිගත් මතවාදයට නොගැළපෙන දේ ප්රතික්ෂේප කරීම බොහෝ දෙනෙකුගේ සිරිතය. මේ නිසාම කිඳුරන්ගේ කථාව විද්යාඥයන්ගේ අවතක්සේරුවට භාජනය විය. එනමුත් අත්ලන්තික් සාගරය ආශ්රිතව පර්යේෂණයන්හි නිරත වූ පිරිසකට සැබෑ දිය කිඳුරියකගේ පැහැදිලි ඡායාරෑප ලබා ගැනීමට හැකී වී ඇත.
           "ඒ දිය කිඳුරියට තිබුණේ මනුස්ස ලෝකේ කිසිම කාන්තාවකට නැතිතරම් රෑමත් මුහුණක්. ඇගේ හිස කෙස් අඩි හතරක් පමණ දිගයි. මිනිසකුගේ උඩු කයක් ඇතිව සිටි ඇගේ පසු පෙදෙස මත්ස්සයකුගේ වගේ. මට මගේ දෑස් අදහා ගන්න බැරි වුණා. ඒකයි ඡායාරූප වැඩි ප්රමාණයක් ගන්න බැරි වුණේ."   කිඳුරාගෙ ඡායාරෑපය ගත් පර්යේෂකයා එසේ කියා සිටී.

මේ කතා බහ මිනිසූන්ගේ උඩු කය ඇති දිය කිඳුරන් ගැනය. බොහෝවිට මෙය සිදු විය නොහැකි දෙයක් සේ කෙනෙකුට පෙනෙන්නට ඉඩ ඇත. මිනිසකුගේ උඩු කයත්, මසෙකුගේ යටි කයත් ඇති සත්වයකු මිහිපිට සිටිය හැකිද?


Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රතිගුරුත්වය

ලොක්නෙස් විලේ මකරා (නෙසී)