ගීසා හි අභිරහස් පිරමීඩ

ඊජිප්තුව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ එහි පිරමීඩ නම් වූ දැවැන්ත සොහොන් කොත් නිසා බව රහසක් නොවේ. පිරමීඩ යනු පෙර කල සිටි ෆේරෝ(පාරාවො) රජවරුන්ගේ සොහොන් කොත් යැයි කීවොත් එහි වරදක් නැත. ෆේරෝ රජවරු තම මතු ආත්මයෙහි ජීවිතයට අවශ්ය සියලු දෙයම පිරමීඩ තුළ රැස් කළහ.



එලෙස ෆේරෝ රජවරුන්ගේ මරණයෙන් පසු, රජුගේ දේහය අවුරුදු දහස් ගනණක් ගත වුවත් නොදිරණ සේ බෙහෙත් ගල්වා මමිකරණයට ලක් කර රජුගේ වස්තු සම්භාරයද, මමිකරණයට ලක් කළ රජුගේ දේහය ද සමඟ පිරමීඩ තුල තැම්පත් කරණ ලදි. ඔවුන් එසේ මෘත සිරුරු නොදිරණ සේ පවත්වා ගත්තේ කෙසේද යන්න තවමත් ලොවට අභිරහසක් ව පවතී. ඔවුන් ඒ සඳහා කිසයම් රහස් වට්ටෝරුවක් භාවිත කර ඇති බවට බොහෝ දෙනා සිතුවත් එය නිර්මාණය කිරීමට නවීන විද්යාව තවමත් අපොහොසත් වී ඇත.




ඊජිප්තුවේ දැනට පිරමීඩ 10 ක් පමණ ශේෂ වී ඇත. අනෙක්වා නිදන් වස්තු කොල්ලකරුවන් විනාශ කරනු ලැබ එහි ඇති ගල් බැමි, ගෙවල් තැනීමට ගෙන ගොස් ඇත. දැනට ඉතිරිව ඇති පැරණිම පිරමීඩය ජෝසර් රජුට අයත්ය. එය අවුරුදු 4600ක් පමණ පැරණි පඩි ආකාර අවලස්සන පිරමීඩයකි. ජෝසර්ගේ පිරමීඩයට අඩි 28 ක් යටින් ඔහුගේ සොහොන් ගැබ පිහිටා ඇත. නෙෆෙරුගේ පිරමීඩය ඊට වඩා පසු කාලයට අයත්ය. එය මීටර 105 ක් උසය. ඊජිප්තුවේ දැවැන්තම නිර්මාණය වන කුෆු පිරමීඩය ක්‍රිස්තු පූර්ව 2550 දී තනන ලද්දකි. එය මීටර 146 ක් උසය. ටොන් දෙකේ සිට ටොන් 15 දක්වා බරැති ගල් කුට්ටි ලකෂ 23 ක් ප්‍රවේසමෙන් එකට වෑද්දීමෙන් කුෆු පිරමීඩය තනා ඇත. අඬි 460 ක් පමණ උස කුෆු පිරමීඩය හරියටම ජ්යාමිතිකව නිපදවා ඇත. එහි පාද අතර දිගෙහි වෙනස අඟලක් පමණ තරම් සුළු වේ. 

ගැටලුව එය නොවේ.දැනට වසර 4000 කට පමණ පෙර මෙවැනි විශිෂ්ට ජ්යාමිතික නිර්මාණයක් සිදු කළේ කෙසේ ද?  එපමණක් නොව ටොන් ගණනක් බරැති මෙම ගල් ඔවුන් රැගෙන විත් තිබෙනුයේ අස්වාන් වල සිටය. ගීසා හී මහා පිරමීඩයේ සිට (කුෆු පිරමීඩය) අස්වාන් දක්වා දුර සැතපුම් 500 ක් පමණ වේ. ටොන් ගණනක් බරැති ගල් කුට්ටි ඔවුන් මෙපණ දුරක් රැගෙන ආවේ කෙසේද? ඇතැමුන් පවසන්නේ ඔවුන් නැවු ආධාරයේන් නයිල් නදිය හරහා රැගෙන එන්නට ඇති බවයි. 

නමුත් ඇම්ස්ටර්ඩෑන් විශ්ව විද්යාලයේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ මෙම බරැති ගල් කුට්ටි ඔවුන් රැගෙන ගොස් ඇත්තේ ඉතා සරළ ක්‍රමයකින් බවයි. පර්යේෂකයන් පවසන්නේ නිස්චිත ජල පරිමාවක් යෙදීමේ දී කාන්තාර වැලි අනෙක් සාමාන්ය වැලි වලට වඩා දෙගුනයක දැඩි බවක් ගන්නා බවයි. එම නිසා කාන්තාර වැලි මත හිම කරත්ත ලිස්සායාම පහසු කරයි. එම කරත්ත යන විටදී සාමාන්ය වැලි මෙන් කරත්තය ඉදිරි පිටදී මේ වැලි ගොඩ ගැසෙන්නේ නැත. නිවැරදි ප්‍රමාණයෙන් ජලය එක් කිරීමේ දී තෙත් වූ කාන්තාර වැලි වියලි වැලි වලට වඩා දැඩි වන බවද එබැවින් ඒ මත යමක් තල්ලු කරීමේ දී යෙදීමට වන ශක්තිය හරි අඩකින් අඬුවන බවද , එමනිසා මෙම ගල් කුට්ටි ප්‍රවාහනය සදහා මෙම ක්‍රමය යොදා ගන්නට ඇති බව පර්යේෂකයන් පවසයි.


එය එසේ වුවත් තත්වය සංකීර්ණ වනුයේ ඔවුන් එම ගල් කුට්ටි පිරමීඩයේ ඉහලට ගෙන ගියේ කෙසේද යන්න සිතා බැලීමේ දීය. තාක්ෂණය අතින් දියුණු යැයි සම්මත වර්ථමානයේ පවා දොඹකර යොදාගෙන මෙම ගල් කුට්ටි ඔසවා පිරමීඩයක් නිර්මාණය කිරීම ඉතා අපහසුය. එසේ නම් තාක්ෂණය අතින් නොදියණු එවැනි යුගයක ඔවුන් මෙය කෙසේ සිදු කලේද?  ඔවුන් ඒ සදහා ප්‍රතිගුරුත්වය යොදා ගන්නට ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරයි. එහෙත් වර්ථමානයට ප්‍රතිගුරුත්වය තවමත් සංකල්පයක් පමණි.

පිරමීඩ තුල සිදුවන දෑ තවමත් අපට අභිරහසකි. විසිවන සියවසේ මුල් භාගයේ වාර්ථා වූ සිදුවීමකින් මෙම කතා බහ සමාප්ත කරීම සදුසුය. පෝල් බ්‍රන්ක්ටන් නැමති ගවේෂකයෙක් පිරමීඩවල රැකවලෙහි යෙදෙන පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ මුරකරුවන්ගෙන් අවසර ගෙන එක් රාත්‍රියක් පිරමීඩ තුළ ගත කිරීමට තීරණය කළේය.

සේවකයෝ පෝල් බ්‍රන්ක්ටන් පිරමීඩය තුළ තනි කර පිටතට පැමිණියහ. රාත්‍රිය උදා විය. පෝල් බ්‍රන්ක්ටන් තනිවම කිසියම් සුවිශේෂී සිදුවීමක් වනු ඇති දැයි උනන්දුවෙන් බලාගෙන සිටියේය. රාත්‍රිය මෝරා යද්දී සුදු පැහැ සෙවණැලි මතු වන්නට විය.

"උඹට මාරයා වැහිල ද? උඹ මෙහේ ආවෙ මොකට ද? වහාම එළියට පලයන් ! මෙතැන නවතින්න ආපු කෙනෙක් පණ පිටින් ආපහු ගියෙ නෑ."

අඳුරු සෙවණැලි අතරින් ගැඹුරු කටහඬක් ඇසුණි.

"නෑ. මම යන්නෙම නෑ. මට පිරමීඩවල අභිරහස් බලාගන්න ඕන."

"හොඳයි, උඹ ආසම නම් එක අභිරහසක් උඹට තේරුම් කරලා දෙන්නම්"

ගැඹුරු කටහඬ ක්‍රමයෙන් කාරුණික විය.

"දැන් ඔය ගල් ඇඳ මත දිගා වෙයන්. ඊට පස්සෙ මොනවා වෙනව ද කියල බලහන්."

පෝල් බ්‍රන්ක්ටන් අවතාරයේ අණට කීකරුව ගල් ඇඳ මත දිගා වූයේය. ඔහුට තම මුළු ඇඟම පණ නැතිව යන ආකාරයත්, දෙපා සීතල වන ආකාරයත් දැනුණි. ඊළඟ මොහොතේ බ්‍රන්ක්ටන් සිටියේ තම ශරීරයෙන් පිටතය. ඔහුගේ නිසල වූ සිරුර ගල් ඇඳ මත අප්‍රාණිකව තිබුණි. ඒ අත් දැකීමෙන් පසු නැවතත් ශරීරයට පිවිසීමට ඔහුට අවසර ලැබුණි. 

"දැන්වත් තේරුම් ගන්නවා ජීවිතයේ වැදගත්ම පාඩම. ජීවිතය මරණයෙන් කෙළවර වෙන්නෙ නෑ."


බ්‍රන්ක්ටන් ජිවිතය පිළිබඳ වැදගත්ම පාඩම උගත්තේය....

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රතිගුරුත්වය

දිය කිඳුරෝ

ලොක්නෙස් විලේ මකරා (නෙසී)