හිමාලයේ හිම මිනිසා (යෙටී)

ටිබෙට් රටේ කඳුකර පෙදෙස්වල වෙසෙන්නන්ගේන් වැඩි දෙනෙකුට ජීවිතයේ එක් දිනක් හෝ මේ අද්භූත හිම මිනිසා මුණගැසී තිබේ. මිනිසුන් මුණගැසෙන සෑම විටකදීම හිම මිනිසා පළ කළේ එකම ප්රතිචාරයකි. ඒ විදුලි වේගයෙන් දුව ගොස් කඳු අතර සැගවීමයි.
                 
                     යෙටී හෙවත් හිම මිනිසාගේ පුරාවෘත්තය එවරස්ට් කන්ද තරමටම ජනප්රියය. මුලින්ම යෙටී පලිබඳ ලිඛිත සටහනක් දක්නට ලැබෙන්නේ 1832 දී බෙංගාලයේ ආසියාතික සංගමයේ සගරාවකට වී.එච්. හොඩ්සන් නැමැත්තා විසින් සැපයූ ලිපියකයි.

එහි එම සත්වයා හදුන්වා දී ඇත්තේ තද පැහැති ලොමින් වැසුණු සෘජු කාය විලාසයක් සහිත දෙපයින් ගමන් කරන්නකු ලෙසයි.

              ටිබෙට් බසින් යෙටී යන්නෙහි තේරුම 'මෘග මිනිසා ' යන්නයි. යෙටීගේ පා සටහන් පළමු වරට පර්යේෂකයන් ඡායාරෑපගත කරනු ලැබුවේ වර්ෂ 1921 දීය. හොවාඩ් බෙරී ප්රමුඛ ගවේෂක කණ්ඩායමට හිමාල කඳුවැටියේ අඩි 20000 ක් උස් සීමාවේ හිම මත එබී තිබූ යෙටීගේ පා සටහන් හොවාඩ්ගේ කැමරා කාචය තුළ පැහැදිලිව සටහන් විය.

                                ටිබෙටය වර්ෂ 1921 දී මුල්වරට බටහිර සංචාරකයන් සඳහා විවෘත විය. 1921 දී ටිබෙට් රටට හා හා පුරා කියා පැමිණි බොහෝ දෙනෙක් හිම මිනිසාගේ පා සටහන් දැක විස්මයට පත් වූහ. එංගලන්තයේ රාජකීය භූගෝල විද්යා සංගමයේ සාමාජික ටොන්බැසී හිම මිනිසාව ජීවමානව දැක ගැනීමට තරම් වාසනාවන්තයකු විය. ග්ලැසියරයක් හෙවත් හිම ගංගාවක් මත සිටි මේ අද්භූත සත්වයා දුටු ඔහු විස්මයට පත්ව බලා සිටියේය. සම්පූර්ණයෙන් නිර්වස්ත්රව සිටි මේ අද්භූත සත්වයා විදුලි වේගයෙන් දුවගොස් වනය තුළ සැගවුණේය.

                 හිමාලය ආශ්රිතව වෙසෙන ෂර්පා ගෝත්රිකයෝ කඳු නැගීමට උපන් හපන්නු වෙති. කඳු නගින ෂර්පාවරුන්ට ඉඳ හිට හමුවන යෙටී ඔවුන්ගේ සිත් තුළ අමුත්තක් ඇති කිරීමට සමත් නොවූයේය. ෂර්පාවරුන් විශ්වාස කරන පරිදි මේ සත්වයාගේ එක් පයක ඇගිලි 8 බැගින් ඇත. ෂර්පාවරුන් අතර මේ සත්වයා ගැන මිථ්යා විශ්වාස රැසක් ගොඩ නැගී ඇත.

යෙටී පිළිබඳ පර්යේෂණ වල යෙදෙන්නන් කියන පරිදි විවිධාකාර හැඩහුරු කමින් යුතු සත්ව විශේෂ කිහිපයක්ම මෙලෙස එකම නමින් හඳුන්වනු ලැබෙති. ඉන් ඒක් වර්ගයක් භයානක යෙටී නම් වෙයි. උන්ගේ සිරුර අඩි 6ක් පමණ උසය. හිස් මුදුන ත්රිකෝණාකාරය. මිනිසුන් මෙන් සෘජු කාය විලාසයක් ඇති මෙම සත්ව විශේෂය දඩයමෙන් දිවි ගෙවති. ප්රදේශවාසීහු මෙම යෙටී විශේෂය මේහ්-ටෙහ් යන නමින් හදුන්වති. ද්ශු-ටෙහ් නම් යෙටී විශේෂය විශාල වුවද මුල කී විශේෂය මෙන් ප්රචණ්ඩකාරී නැත. උන් දෙපයින්ද සිවුපයින්ද ගමන් කරති.

යෙටී පුරාවෘත්තය භෞතික අතින් ශක්තිමත් වූයේ 1953 දීය. 1953 දී බෞද්ධ ආරාමයක තබී යෙටී හිසක උඩු කොටස හමු විය. හිසකේ සහිත ත්රිකෝණාකාර හිස් කොටස වාසනාවේ සංකේතය ලෙස සලකන ලදි. නැවත කුම්-ජුන් හි දී මෙවැනිම යෙටී හිසක් සොයාගන්නා ලදි. ඊට නදුරු කාල සීමාවකදී තෙවැනි යෙටී හිස නම්චේ-බසාර් හි දී සොයා ගනු ලැබීය. වර්ෂ 1957 දී ටොම් සලික් නම් ගවේෂකයාට යෙටී සත්වයාගේ හිසකේ සහා අස්ථි හමුවීම සමග යෙටී පිළිබඳ පර්යේෂණ නව මුහුණුවරක් ගතතේය. විද්යාඥයෝ යෙටීගේ හිසකේ නියැදි අන්වීක්ෂීය පර්යේෂණ වලට බඳුන් කලහ. එහිදී හෙළි වූ වැදගත්ම කරුණ වනුයේ මේ සියලු ශරීර කොටස් එකම සත්ව විශේෂයකට අයත් බවයි. ඒ සත්ව විශේෂය මෙතෙක් අණාවරණය කරගත් කිසිදු විශේෂයකට සමාන නොවන බව පැහැදලි විය...

Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රතිගුරුත්වය

දිය කිඳුරෝ

ලොක්නෙස් විලේ මකරා (නෙසී)